රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. 21 January 2023
චීන ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා දත්ත පාදක කර ගනිමිනි. 21 January 2023
සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා 1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ’බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය. 21 January 2023
බෝම්බයක් පිපිරී පාකිස්තාන දුම්රියක් පීලි පනී පාකිස්තානයට අයත් බලුකිස්තානයේ, මගී දුම්රියක් පීලි පැනීමට ලක් වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බවත් අට දෙනකු තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. 20 January 2023
කැරිබියානු දූපතේ සියලුම වඳුරන් මරා දැමෙනවා සින්ට් මාර්ටෙන් නමැති කැරිබියානු දූපත් බලධාරීන්, එම දූපතේ ජීවත් වන ‘වර්වෙට්’ නමැති වඳුරන් සියලු දෙනා මරා දැමීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 20 January 2023
ජනපති ලූලා ද සිල්වා බයිඩන් හමුවෙනවා බ්‍රසීලයේ නව ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානම් වෙයි. බ්‍රසීල ජනාධිපතිවරයා ලබන පෙබරවාරි 9 හ 10 දෙදින ඇමෙරිකාවේ සංචාරයක නියැලෙනු ඇති බවත්. ඔහු ධවල මන්දිරයේ දී ජෝ බයිඩන් හමුවනු ඇති බවත් වාර්තා වේ. 20 January 2023
රුසියන් යුක්රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමක් වේවි යුක්රේන යුද්ධයෙන් රුසියාව පරාජය වුවහොත්, එය න්‍යෂ්ටික යුද්ධයකට ඇති කිරීමට හේතුවක් වනු ඇතැයි රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් පවසයි. 20 January 2023
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. 20 January 2023
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි. 19 January 2023
අධික සීතල දරා ගන්න බැරිව 70 ක් මැරිලා අධික සීතල දරා ගැනීමට නොහැකිව, ඇෆ්ගන් වැසියන් 70 දෙනකු සහ ගවයන් 70,000 ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 19 January 2023
හෙලිකොප්ටර් අනතුරින් යුක්රේන ඇමති මරුට යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගත්තේය. 18 January 2023
ඇමෙරිකන්-යුක්රේන හමුදා ප්‍රධානීන්ගේ හමුවක් රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, ඇමෙරිකන් සහ යුක්රේන හමුදා ප්‍රධානීන් අතර හමුවක් පැවැත්විණි. හමුව පැවැත්වූයේ ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් මාර්ක් මයිලි සහ යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් වැලේරි සලුසීනී අතරේය. හමුව පැවැත්වූයේ පෝලන්තයේය. 18 January 2023
වියට්නාම් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි වියට්නාම් ජනාධිපති සුවාන් පුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉල්ලා අස්වීමට හේතු වූයේ, සුවාන් පුක්ගේ නිර්දේශ මත, රජයේ ඉහළ තනතුරුවලට පත් කළ නිලධාරීන් බොහෝ දෙනකුට ද දූෂණ චෝදනා එල්ල වීමය. 18 January 2023
සොරුන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම් ඇෆ්ගන් තලේබාන් රජය, ඔවුන්ගේ ෂරියා නීතිය යටතේ සොරකම්වලට වරදකරුවන් වූ ඇෆ්ගන් වැසියන් නව දෙනකුට ප්‍රසිද්ධියේ දඬුවම් ලබා දී තිබේ. 18 January 2023
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයට සමුදුන් බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ. බටහිර මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ප්‍රංශයේ කන්‍යා සොහොයුරියකි. ලුසිල් රුන්දොන් නමැති ඇගේ වයස අවුරුදු 118 කි. 18 January 2023
පුටින් බටහිර රටවලට දොස් කියයි යුක්රේනයට අවි ආයුධ ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බටහිර රටවලට දොස් නැගුවේය. රුසියන් ජනාධිපතිවරයා මෙසේ බටහිර රටවලට දොස් නැගුවේ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සමඟ පැවැත්වූ දුරකතන කතාබහක් අතරතුරේය. 17 January 2023
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 6 ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ නිවසක සිදුවුණු වෙඩි තැබීමකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනා අතර මාස 6 ක බිලිඳකු සිටින බව ද පොලිසිය කියයි. 17 January 2023
කාන්තාවෝ 50 ක් පැහැර ගැනෙති අප්‍රිකාවට අයත් බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ උතුරුදිග සෝයුම් පළාතේ කාන්තාවන් 50 දෙනකු පැහැර ගෙන ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 17 January 2023
සෝමාලියා වරාය නගරය ත්රස්තවාදීන්ගෙන් මුදා ගැනේ සෝමාලියාවේ, ‘හරාර්ඩ්හියර්’ නමැති වරාය නගරය අල් ෂෙබාබ් ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මුදා ගැනීමට සෝමාලි ආරක්ෂක අංශ සමත් වී ඇත. 17 January 2023
රුසියාව බෙලරූසය යුද අභ්‍යාසයක් අරඹයි රුසියාවත්, අසල්වැසි බෙලරූස් රාජ්‍යයත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. යුද අභ්‍යාසයට එක්වූයේ දෙරටේ ගුවන් හමුදාවය. 16 January 2023
අල් සුසානී ඇමෙරිකාවට පක්ෂව කතා කරයි ඇමෙරිකන් හමුදා දිගටම ඉරාකයේ රැඳී සිටීම, ඉරාකයේ ආරක්ෂාවට සහාය දැක්වීමක් යැයි එරට නව අග්‍රාමාත්‍ය ෂියා අල් සුසානී පවසා තිබේ. 16 January 2023
ගුවන් අනතුර: විශේෂ විමර්ශනයක් ඇරැඹේ නේපාලයේ ‘යෙටී’ ගුවන් සේවය අයත් ගුවන් යානය කඩා වැටී, යානයේ සිටි හැත්තෑ දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන්නැයි නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දාල් නියෝග කර තිබේ. 16 January 2023
ඇෆ්ගන් මන්ත්‍රීවරියක් වෙඩි තබා මරා දැමේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර අනුග්‍රහයෙන් පිහිටුවා තිබූ ඇෆ්ගන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ මුර්සාල් නබිසාදා වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 16 January 2023
කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ තීරණය කළේ කැලිෆෝනියාවේ ප්‍රාන්ත රැසක් ජලයෙන් යටවී ඇති බැවිනි. 16 January 2023
බයිඩන්ගේ නිවසේ තිබී තවත් රහස් ලියවිලි එළියට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. 15 January 2023
යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වුණු අතර, එයින් සිවිල් වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 27 ක් යැයි පැවැසෙයි. 15 January 2023
’කොවිඩ්’ මරණ 65,000 ක් චීනයේ ’කොවිඩ් 19’ ව්‍යාප්තිය දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතින බවත්, ගතවුණු දින 35 ඇතුළත ’කොවිඩ් 19’ මරණ 65,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 15 January 2023
පොලිසියකට තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයක් පාකිස්තාන තලේබාන් ත්රස්තවාදීහු, පාකිස්තානයේ පෙෂවෝර් නුවර පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කළහ. එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. පොලිස් ස්ථානාධිපතිවරයා ද ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. 15 January 2023
පොත උණු කැව්ම් වගේ විකිණෙනවා බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන්ගේ ’ස්පෙයාර්’ ස්වයං චරිතාපදානයේ පිටපත් ගිනස් වාර්තා අතරට ද එක් වී තිබේ. ඒ, එළිදැක්වූ සැණින් වැඩිම පිටපත් ප්‍රමාණයක් අලෙවි වීමත් සමඟය. 15 January 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026