
යුක්රේනය ආක්‍රමණයට යැවූ හමුදා වහා ආපසු ගෙන්වා ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය රුසියාවට නියෝග කර ඇත. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදමය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත්විණි.
එහිදී රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගයට සාමාජික රටවල් 141 ක් විරෝධය දැක්වීය. යුක්රේනයට යැවූ රුසියන් හමුදා වහාම ආපසු ගෙන්වා ගන්නැයි ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවට එම රටවල සහාය හිමිවිය.
එම යෝජනාවට විරෝධය දක්වමින් රුසියාවට සහාය දුක් රටවල් ගණන 93 කි. චීනය සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
රුසියාව සම්බන්ධයෙන් මෙම නව යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී සම්මත කර ගැනීම සිදුවූයේ රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර වසරක් ගත වෙද්දීය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd