
රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනය තනි නොකරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ප්‍රතිඥා දුන්නේය.
රුසියන් ආක්‍රමණය වසර ගණනක් දිග් ගැස්සුණත්, ඇමෙරිකාව යුක්රේන රජයට ලබා දෙන සහාය අඩු නොකරන බවට ද යුක්රේන ජනාධිපතිවරයා හමුවෙමින් බයිඩන් පැහැදිලි කළේය. මෙය යුක්රේන ජනාධිපතිවරයාගේ මහත් සතුටට හේතුවක් විය.
කෙසේ නමුත් බයිඩන් යුක්රේනයට පැමිණීම සම්බන්ධයෙන් රුසියාව විරෝධය පළ කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණීම රුසියන් යුක්රේන යුද්ධය ලෝක යුද්ධයක් දක්වාත්, පසුව න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් ඔඩුදුවනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd