
ජපානයේ ටෝකියෝ අගනුවර උනෝ සත්වෝද්‍යානයේ සිටින පැන්ඩා වළසුන් සිවුදෙනා යළි චීනයට රැගෙන යන බව සත්වෝද්‍යාන බලධාරීහු පවසති.
ඒ අනුව, ජපන් වැසියන්ගේ ආදරය දිනූ එම පැන්ඩා සිවුදෙනා අවසන් වරට නැරැඹීමට සත්වෝද්‍යානය අවසර දී තිබේ.
එම පැන්ඩාවන් අතරේ සියැං සියැං නමැති පැන්ඩා ද සිටී. මැය 2017 දී උනෝ සත්වෝද්‍යානයේ දී උපත ලැබූ පැන්ඩෙකි.
පැන්ඩාවන් යළි ඔවුන්ගේ නිජබිම වන චීනයට බාරදීමට කටයුතු සූදානම් කෙරුණේ පසුගිය 2021 දීය. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd