IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන්න සාම සැලැස්මක්

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් කරුණු 12 කින් සමන්විත සාම සැලැස්මක් සකස් කළ බව චීනය කියයි.

රුසියානු රජය සහ යුක්රේන රජය එම සාම සැලැස්ම ගැන කඩිනමින් අවදානය යොමු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.

චීන රජය සකස් කළ එම සාම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ සාම සාකච්ඡා පවත්වා දේශපාලනික වශයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීම යැයි ද පැවැසෙයි.

චීනය මෙසේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම සැලැස්මක් සකස් කළේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක් ගතවෙද්දීය. චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ, රුසියාවේ මොස්කව් නුවරදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණගැසී මෙම සාම වැඩපිළිවෙළ පුටින්ට ලබා දුන්නේය.

චීනය සකස් කර ඇති එම සාම සැලැස්ම සටන් විරාමයකින් ආරම්භ කිරීමට යෝජනා කර තිබේ. සටන් විරාමය සාර්ථක වන්නේ නම්, රුසියන් සහ යුක්රේන නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ වනු ඇතැයි පැවැසෙයි.

සාම සාකච්ඡාවල සාර්ථකත්වය අනුව, බටහිර රටවල් රුසියාවට පැනැවූ සම්බාධක ලිහිල් කිරීමට තමන් එම බටහිර රටවලින් ඉල්ලීමක් කරන බව ද චීනය පවසා තිබේ.

යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ද චීනයේ අවධානය යොමු වී ඇත. රුසියන් සහ යුක්රේන හමුදා අතර සිදුවන අවි ගැටුම්වලින් යුක්රේන න්‍යෂ්ටික බලාගාරවලට හානි වුවහොත් එය යුරෝපා කලාපයට පමණක් නොව මුළු ලොවටම විශාල තර්ජනයක් යැයි චීන විදේශ අමත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

මේ අතර චීනය සකස් කළ එම සාම සැලැස්මට අදාල වාර්තාව තවමන්ට ලැබී නැතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

රුසියන් යුක්රේන යුද්ධය නිමා කරන්න සාම සැලැස්මක්

sujeewar Friday, 24 February 2023 04:08 PM

අනේ ඒ සාම සැලැස්ම කවුරුන් හෝ ඉක්මණට සාමයට ලැදි සෙලෙන්ස්කිගේ දෙපතුළට ගෙනිහින් දෙන්නකෝ...! බටහිරින් ආයුධ ඉල්ලගෙන කෑ මොර දෙන මේ උන්නැහේට මේ සාම සැලැස්ම ඉල්ලා ගන්න වෙලාවක් නැති හැටි අම්මපා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site