මධ්‍යම ආසියාවට අයත් ටජිකිස්තානය සහ ආසියාවට අයත් නේපාලය භූමි කම්පාවලින් දෙදරා ගියේය.
ටජිකිත්සාතනට බලපෑවේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකි. භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වූයේ ගොර්නෝ බඩක්ෂාන් නමැති පළාතටය. මෙම පළාත පිහිටා ඇත්තේ ඇෆ්ගන් චීන දේශසීමාවේය.
ගොර්නෝ බඩක්ෂාන් ජන ශුන්‍ය පළාතකි. එහෙයින් ජීවිත හානි සිදුවී නැත. භූමි කම්පාව හේතුවෙන් නායයෑම් කීපයක් වාර්තා වී තිබේ.
නේපාලය කැලැඹුවේ රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූමි කම්පාවකි. එයිනි ද කාටවත් අනතුරක් සිදු නොවුණු බව වාර්තාවේ. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ කත්මණ්ඩු අගනුවරට කිලෝ මීටර් 450 ක් දුරින් බජුරා දිස්ත්‍රික්කයේ යැයි භූ විද්‍යාඥයෝ පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd