IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාකිස්තානය බදු ඉහළ දමයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය මුදලේ ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා පාකිස්තානය සුඛෝපභෝගී ආනයන භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලබන බදු ඉහළ දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පකිස්තානයේ විදෙස් සංචිත ඉතාමත් අවම මට්ටමේ පවතින අතර මේ වන විට පාකිස්තාන රජය ආහාර සහ ඖෂධ හැරුණු විට බොහොමයක් ආනයන භාණ්ඩ අත් හිටුවා ඇත.සුඛෝපභෝගී ආනයන භාණ්ඩ හා සේවා සඳහා පනවනු ලබන බදු ඉහළ දැමීම තුළින් සංචිත ඉහළ දමා ගැනීමට බලාපොරොත්තු වන බව පාකිස්තාන රජයේ නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත.

වසර ගණනක වැරදි ආර්ථික කළමනාකාරණය සහ දේශපාලන අස්ථාවරත්වය පාකිස්තානය ආර්ථික අර්බුදයකට තල්ලු කර ඇති බවත් ගෝලීය බලශක්ති අර්බුදය සහ පකිස්තානයෙන් තුනෙන් එකක් යටවූ ගංවතුර එම අර්බුදය උග්‍ර කර ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

මෝටර් රථ , ගෘහ විදුලි උපකරණ, චොකලට් සහ රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළුව ආනයන භාණ්ඩ සඳහා පනවන විකුණුම් බද්ද සියයට 17 සිට 25 දක්වා පාකිස්තානන පාර්ලිමේන්තුව පසුගිය 20 වැනිදා ඉහළ දමා තිබේ.

(රොයිටර්)



අදහස් (0)

පාකිස්තානය බදු ඉහළ දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site