
භූමි කම්පාවලින් වැඩි වශයෙන් හානි වුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බව තුර්කිය පවසයි.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන්නේ, Kahramanmaras සහ Hatay යන පළාත්වල යැයි තුර්කි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. භූමි කම්පාවලින් මහා විනාශයක් සිදුවූයේ මෙම පළාත්වලටය.
තුර්කියට ගොස් සිටින විදෙස් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය ආධාරකරුවන් මේ වනවිට මෙම පළාත් දෙක කෙරහි වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද පැවැසෙයි.
භූමි කම්පා හටගත්තේ පසුගිය පෙබරවාරි 6 සහ 7 වැනිදාය. අසල්වැසි සිරියාවට ද ඒවායින් හානි සිදුවිය.
අද (20) වනවිට තුර්කියේ සහ සිරියාවේ භූමි කම්පාවෙන් මියගිය ගණන 44,377 ක් වූ බව වාර්තා විය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන්