බ්‍රිතාන්‍යයේ රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවාය. 12 October 2022
විශේෂ ‘ජී7’ සමුළුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ හදිසි ‘ජී7’ සමුළුවක්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ, රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු නගර ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය. 11 October 2022
මැලේසියානු පාර්ලිමේන්තුව විසුරුවයි ලබන වසරේ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත මැලේසියානු මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අරමුණින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැරීමට මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මේල් සබ්රි යාකොබ් පියවර ගත්තේය. 11 October 2022
බයිඩන්ගෙන් යුක්රේනයට මිසයිල ආරක්ෂක පද්ධතියක් රුසියන් හමුදා යුක්රේන නගර ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරය තරයේ හෙලා දකිමින්, යුක්රේන හමුදාවට නවීන පන්නයේ ගුවන් ආරක්ෂක පද්ධති කීපයක් ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 11 October 2022
2022 ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යා නොබෙල් ත්‍යාගය නිවේදනය කෙරුණි. එසේ කළේ, ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියයි. ඒ අනුව මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය ආර්ථික විශේෂඥයන් තිදෙනා අතරේ බෙදී ගියේය. 11 October 2022
රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට පහර දෙයි රුසියන් හමුදා යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මිසයිල ප්‍රහාර හේතුවෙන් අගනුවර ස්ථාන කීපයක ප්‍රබල පිපිරීම් සිදුවිය. 10 October 2022
යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රහාරයක් යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 October 2022
වෙනිසියුලාවේ නායයෑමක්: 22 ක් මරුට ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, මධ්‍යම වෙනිසියුලාවේ හටගත් නායයෑමකින් පුද්ගලයෝ විසි දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 80 ක් පමණ අතුරුදන් බව ද පැවැසෙයි. 10 October 2022
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළී 76 ක් මියයති නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් 76 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝට්ටුව පෙරැළී ගියේ පිටාර ගලමින් තිබූ නයිගර් ගංගාව හරහා යද්දීය. 10 October 2022
මවු කිරිවලත් ප්ලාස්ටික් විෂ මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි. 10 October 2022
පාකිස්තාන අගමැති අධිකරණය හමුවට මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඊයේ (8) එරට විශේෂ අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. 09 October 2022
යුක්රේන වැසියෝ 17 ක් මරුට දකුණුදිග යුක්රේයේ සැපෝරිස්සියා නගරයට රුසියන් හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටින බව යුක්රේන මාධ්‍ය වාර්තා කරයි. 09 October 2022
ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් වයඹදිග අයර්ලන්තයේ, ඩොනෙගාල් ප්‍රාන්තයේ, ඉන්ධන පිරවුම්හලක සිදුවුණු පිපිරීමකින් හත් දෙනෙක් තුවාල ලැබූහ. 08 October 2022
පුටින්ට 70 යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 70 වැනි උපන් දිනය සැමරුවේය. රුසියන් ජනාධිපතිවරයා සිය 70 වැනි උපන් දිනය සමරන්නේ රුසියන් යුක්රේන යුද්ධය පැවැත්වෙද්දීය. 08 October 2022
පාකිස්තානයට යන්න එපා: ඇමෙරිකාව අනතුරු අඟවයි පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවිනි. 07 October 2022
ඇමෙරිකාවේ පිහි ඇනුම් වෙඩි ප්‍රහාර: දෙකක් මරුට ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් සහ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 6 කි. 07 October 2022
නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. 07 October 2022
සාහිත්‍ය නොබෙල් තෑග්ග ප්‍රංශ කතුවරියට මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය. 07 October 2022
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවුණු වෙඩි තැබීමකින් 34 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය 34 දෙනාගෙන් විසි දෙදෙනකු කුඩා දරුවන් බව පැවැසෙයි. ඉතිරි 12 දෙනා වැඩිහිටියන්ය. 06 October 2022
චාල්ස් රජුගේ මෞලිමංගල්‍යය 2023 ජූනි මාසයේ දෙවැනි එලිසබත් මවු රැජිනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමිවුණු තෙවැනි චාල්ස් රජුගේ සම්ප්‍රදායික රාජාභිෂේක මංගල්‍යය හෙවත් මෞලි මංගල්‍යය ලබන 2023 වසරේ ජූනි මස 3 වැනිදා පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසයි. 06 October 2022
රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් ඩෙන්මාර්ක විද්‍යාඥයන්ට මේ වසරේ රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් සහ ඩෙන්මාර්ක විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී ගියේය. 06 October 2022
උතුරු කොරියාවට චීනයේ රුසියාවේ ආරක්ෂාව තමන්ට රිසි පරිදි, මිසයිල අත්හදා බැලීම් කිරීමටත්, න්‍යෂ්ටික අවි තැනීමටත් උතුරු කොරියාවට සහාය ලබා දෙන්නේ චීනය සහ රුසියාව යැයි ඇමෙරිකාව චෝදනා කරයි. 06 October 2022
කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයෙක් මරා දැමේ පාකිස්තානයේ කරච්චි නුවර චීන දන්ත වෛද්‍යවරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ‘ද ඩිප්ලෝමැට්’ වෙඩ් අඩවිය පවසයි. මෙම ඝාතනය පාකිස්තාන බෙදුම්වාදීන් විසින් කරනු ලැබූවක් යැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. 06 October 2022
කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ ට්විටර් නිවේදනයත දැක්වෙයි. 06 October 2022
ලොව ලොකුම බොරුකාරයා හිටපු අගමැති ඉම්රාන් ඛාන් ලොව ලොකුම බොරුකාරයා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යැයි වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් චෝදනා නගයි. 05 October 2022
ඇමෙරිකාව දකුණු කොරියා පිළිතුරු දෙයි උතුරු කොරියාව ඊයේ (4) සිදුකළ මිසයිල අත්හදා බැලීමට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ජපාන මුහුද ලෙස ප්‍රසිද්ධ නැගෙනහිර මුහුදට මිසයිල හතරක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව අද (5) ප්‍රකාශ කළේය. 05 October 2022
මෝදි යුක්රේන ජනපති අමතයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය නායකයන් දෙදෙනාගේ එම දුරකතන කතාබහ පැය දෙකක් තිස්සේ පැවැත්වුණු බවය. 05 October 2022
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් කොලොම්බියාවේ ලතින් ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කොලොම්බියාවේ බොගෝටා අගනුවරට පැමිණියේය. 05 October 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026