
යුක්රේනය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් නමුත්, තම හමුදා විසින් අත්පත් කර ගනු ලැබූ යුක්රේන පළාත් ආපසු යුක්රේනයට ලබා දීමේ කැමැත්තක් නැතැයි රුසියාව කියයි.
රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය වසරේ පෙබරවාරි 24 වැනිදාය. එදා ආරම්භ වුණු යුද්ධයට වසරක් ගතවී ඇත.
රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නැයි චීනය, තුර්කිය, ඉන්දියාව ආදී රටවල් රැසක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ද දිගින් දිගටම ඉල්ලීම් කර තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ බටහිර හිතවාදී යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ යනු බටහිර රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
‘නේටෝ’ සංවිධානය පවසා ඇත්තේ රුසියාව කොතරම් විරුද්ධ වුවත්, කවදා හෝ දිනෙක යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවනු ඇති බවය.
මේ අතර යුක්රේනයේ බක්මුට් නමැති කාර්මික නගරය අත්පත් කර ගැනීමට රුසියන් හමුදා උත්සාහ ගනිමින් සිටින බවත්, නගරය වට කරමින් දරුණු ලෙස පහර දීම් ආරම්භ කර ඇති බවත් යුක්රේන හමුදාව පවසයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේනය සමඟ සාකච්ඡා පවත්වන්න සූදානම්