
චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා කරමින්, එම අර්බුදය අවසන් කිරීමට චීන ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
ඒ අනුව, ප්‍රශ ජනාධිපතිවරයා ලබන අප්‍රේල් මාසයේ චීනයේ බෙයිජීං අගනුවර බලා යනු ඇතැයි ප්‍රංශ ජනාධිපති මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
රුසියාව යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. රුසියාාව යුක්රේනය ආක්‍රමණය කළේ බටහිර හිතවාදී යුක්රේනය 'නේටෝ' සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. 'නේටෝ' යනු රුසියාවට එරෙහිව බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට වසරක් සම්පූර්ණ වෙද්දී, එම අර්බුදය අවසන් කිරිමේ අරමුණින්, කරුණු 12 ක සාම සැලැස්මක් චීනය සකස් කර ඇත. එම සාම සැලැස්ම ආරම්භ වනු ඇත්තේ සටන් විරාමයකිනි. චීනය ඊට මැදහත්කරු ලෙස සම්බන්ධ වනු ඇත.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් යුක්රේනයට සෘජුව සහාය පළ කළත්, රුසියාවත් යුක්රේනයත් අතර සාමය අපේක්ෂා කරයි.
ඔහු ලබන අප්‍රේල් මාසයේ චීනයට යනු ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, චීනය සැකැසූ සාම සැලැස්ම ගැන පුළුල් ලෙස සාකච්ඡා කිරීමටය.
රුසියාවත් යුක්රේනයත් අතර දේශපාලනික වශයෙන් එකඟතාවක් ඇතිවනු දැකීම තමන්ගේ අදහස යැයි මැක්රොන් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනපති හමුවන්න සූදානම්