
දිනෙක රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ සමීපතම සගයන් අතින් ඝාතනය වනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘යර්’ නමැති දේශපාලන වාර්තාමය වැඩසටහන වෙනුවෙන් අදහස් දක්වමිනි. රුසියාව යුක්රේනය ආක්‍රමණය කර වසරක් නිමිත්තෙන් මෙම වාර්තාමය වැඩසටහන පසුගිය 24 වැනිදා විකාශය කෙරුණි.
එක් දවසක, පුටින්ගේ නායකත්වය දුර්වල වනු ඇති බවත්, එම අවස්ථාවේ ජනාධිපති පුටින් වටා සිටින ‘විලෝපිකයන්’, පුටින් නැමැති ‘විලෝපිතයා’ ගිල දමනු ඇති බවත් සෙලෙන්ස්කි පැහැදිලි කර තිබේ.
කෙසේ නමුත් එය කෙදිනක සිදුවේ යැයි තමන්ට පැවසීමට නොහැකි නමුත් එය අනිවාර්යයෙන් සිදුවන්නක් බව සෙලෙන්ස්කි වැඩි දුරටත් පවසා තිබේ.
පුටින්ගේ සමීපතමයන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් කලකිරීමෙන් සිටින බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගියදා වාර්තා කර තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනකන් යුක්රේනයේ සෙබලුන් 250000 මරණයට පත්වෙලා... මිලියන 14ක් සරණාගතයින් වෙලා...! මොනවද මේ කියවන්නේ?