
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ධවල මන්දිරයට පැමිණි ඕලාෆ් ෂොල්ස්ට, ඇමෙරිකන් ජනාපධිතිවරයාගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ජර්මන් චාන්සලර් ධුරයට පත්වීමෙන් පසු ඕලාෆ් ෂොල්ස් වොෂින්ටනයට ආ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. නායකයන් දෙදෙනා අතරේ හමුව පැවැත්වූයේ දිනෙන් දින ඔඩුදුවන රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙනි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව මෙන්ම ජර්මනිය ද සහාය දක්වන්නේ යුක්රේනයටය. ඇමෙරිකාව මෙන්ම ජර්මනිය ද යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දෙයි.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ධවල මන්දිරයට පිළිගැනීම සම්බන්ධයෙන්, රුසියාවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී තිබේ.
ඇමෙරිකාව උත්සහ ගන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් දිග් ගැස්සීමට යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා කර තිබේ.
මේ අතර, රුසියන් යුක්රේන යුද්ධය තව තවත් දිග් ගැස්සුණහොත් එයින් රුසියාව බංකොලොත් වීමට ඉඩ ඇතැයි රුසියානු ව්‍යාපාරික ප්‍රජාව අනතුරු ඇඟවීමක් කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd