IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජර්මන් චාන්සලර් බයිඩන් හමුවෙයි

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ධවල මන්දිරයට පැමිණි ඕලාෆ් ෂොල්ස්ට, ඇමෙරිකන් ජනාපධිතිවරයාගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ජර්මන් චාන්සලර් ධුරයට පත්වීමෙන් පසු ඕලාෆ් ෂොල්ස් වොෂින්ටනයට ආ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. නායකයන් දෙදෙනා අතරේ හමුව පැවැත්වූයේ දිනෙන් දින ඔඩුදුවන රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙනි.

රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාව මෙන්ම ජර්මනිය ද සහාය දක්වන්නේ යුක්රේනයටය. ඇමෙරිකාව මෙන්ම ජර්මනිය ද යුක්රේන හමුදාවට අවි ආයුධ ලබා දෙයි.
ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස්, ධවල මන්දිරයට පිළිගැනීම සම්බන්ධයෙන්, රුසියාවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වී තිබේ.

ඇමෙරිකාව උත්සහ ගන්නේ රුසියන් යුක්රේන අර්බුදය තව තවත් දිග් ගැස්සීමට යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා කර තිබේ.

මේ අතර, රුසියන් යුක්රේන යුද්ධය තව තවත් දිග් ගැස්සුණහොත් එයින් රුසියාව බංකොලොත් වීමට ඉඩ ඇතැයි රුසියානු ව්‍යාපාරික ප්‍රජාව අනතුරු ඇඟවීමක් කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ජර්මන් චාන්සලර් බයිඩන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site