
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මධ්‍යම ආසියානු රටවල සංචාරයක් ආරම්භ කරමින් කසක්ස්තානයට පැමිණියේය.
කසක්ස්තාන සංචාරයෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා කිරිගිස්තානය, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය බලා යෑමට නියමිතය.
මධ්‍යම ආසියාවට අයත් මෙම රටවල් සියල්ල අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබුණි. අද මෙම රටවල් රුසියාවේ සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මිතුරන්ය.
රුසියන් යුක්රේන යුද ගැටුම් මැද කසක්සාතනය සමඟ පවතින මිත්‍රත්වය තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බව ඇන්තනි බ්ලින්කන් පැහැදිලි කර තිබේ.
අස්තානා අගනුවරට පැමිණි අවස්ථාවේ, කසක්ස්තානයේ විදේශ අමාත්‍ය මුක්තාර් ටිලෙබර්ඩිගෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. බ්ලින්කන් සහ කසක්ස්තාන ජනාධිපති කසීයුම් ජොමාට් ටොක්යාවේ සමඟ හමුවක් ද පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd