
සැඳෑ අහසේ දීප්තිමත් තාරකාවක් ලෙස, බෘහස්පති සහ සිකුරු ග්‍රහයන් එකමතඑක පිහිටින ලෙස දකින්න ලැබුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බෘහස්පති සහ සිකුරු ග්‍රහයන්ගේ මෙම සංක්‍රාන්තිය නාසා විද්‍යාඥයන් හඳුන්වා දී ඇ්තතේ ‘බෘහස්පතිගෙන්
සිකුරුට හාදුවක්’ යනුවෙනි.
පෘථිවියට සමීප වී, බෘහස්පති ග්‍රහයා බටහිර දෙසටත්, සිකුරු ග්‍රහයා නැගෙනහිර දෙසටත් සෙමින් සෙමින් ගමන් කරද්දී, ග්‍රහයන් දෙදෙනා සෙමින් සෙමින් එකමත එක පසු කර යන අයුරු, පෘථිවියේ අපට දකින්න ලැබුණේ අහසේ දීප්තිමත් විශාල තාරකාවක් ලෙස යැයි නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
බෘහස්පති සහ සිකුරු ග්‍රහයන් මෙසේ එකිනෙක පසුකර යෑම තාරකා විද්‍යාත්මක වශයෙන් වැදගත් සිදුවීමක් නොවුණත්, එය සැඳෑ අහස ආලෝකමත් කිරීම සැබැවින්ම අපූරු යැයි තාරකා විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.
බෘහස්පති යනු සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකයයි. පෘථිවියට සමාන සිකුරු පිහිටා ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ස්ථානයේය. බෘහස්පති වායුවලින් සැදුණු යෝධ ග්‍රහලොවක් වන අතර සිකුරු යනු පාෂාණීය ග්‍රහලොවකි.
(සී.එන්.එන්.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd