IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ආරක්ෂක සාමාජිකයන්ට චීන පුහුණුව

සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂක නිලධාරීන්  5000 ක පිරිසක්, ඉදිරි වසර 5 ක කාලය තුළදී පුහුණු කිරීමට චීනය සූදානම් වෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ ‘සවුත් චයිනා මෝර්නිංග් පොස්ට්’ පුවත්පතය.

ගෝලීය ආරක්ෂක ගැටළු ආමන්ත්‍රණය කිරීමේ අරමුණින්, සංවර්ධනය වෙමින් පවතින රටවල හමුදා භටයන් සඳහා චීනය ඉදිරි වසර පහක කාලය තුළදී පුහුණුව ලබා දීමට තීරණය කර ඇතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ.

ඉදිරි වසර 5 ක කාලය තුළදී  චීනය ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් 2000 ක පිරිසකට පුහුණුව ලබා දෙමින් චීනය ත්‍රස්ත විමර්ශන පුහුණු කඳවුරක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවද එම පුවත්පත සඳහන් කර ඇත.

එසේම සෞදී අරාබි පොලිසියේ සහ පරිගණක අපරාධ වැළැක්වීමේ අංශයේ නිලධාරීන් 1500 සඳහාද පුහුණුව ලබා දෙන බව චීනය පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රකාශ කර තිබේ.එසේම රටවල ආරක්ෂක විශ්ව විද්‍යාල අතර සහයෝගීතාවය ගොඩ නගා ගැනීමට චීනය බලාපොරොත්තු වන බව සවුත් චයිනා මෝර්නිංග් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත.

අන්තර්ජාල ආරක්ෂාව, නව තාක්ෂණය, ත්‍රස්තවාදය, ජෛව ආරක්ෂාව යන අංශ වලින් පුහුණුව ලබා දෙමින් එම අංශවල පැන නගින ආරක්ෂක ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකා නිර්මාණය කිරීම චීනයේ අරමුණ බව එම පුවත්පත පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ආරක්ෂක සාමාජිකයන්ට චීන පුහුණුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site