
ග්‍රීසියේ දුම්රිය දෙකක් ඊයේ (28) රාත්‍රියේ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් 32 දෙනකු මියගොස් තවත් 85 දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.
නගරාන්තර සීඝ්‍රගාමි මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ගැටීමේ ප්‍රභලත්වය හේතුවෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි හතරක් පීලි පැන ඇති බවත් ඉන් පළමු මැදිරි දෙක ගිනි ගෙන විනාශ වී ඇති බවත් ආණ්ඩුකාර කොන්ස්ටන්ටිනොස් ප්‍රකාශ කර ඇත.
මගීන් 250 ක් පමණ මුදා ගැනීමෙන් පසුව බස්රථ මගින් ඔවුන් පිටත් කර හැරි බව සහන සේවකයන් පවසා තිබේ.
දුම්රිය මගීන්ට අනතුර භූමි කම්පාවක් ලෙස දැනුණු බව සහන කණ්ඩායම් මුදා ගත් මගියෙක් ප්‍රකාශ කර ඇත.
034


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd