
චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. ඒ, ලෝකයේ ස්ථාවරත්වය සඳහා චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතු බව පෙන්වා දෙමිනි.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. චීනය දිගින් දිගටම පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙන බවය. එසේ වුවත් ඇමෙරිකාව පවසන්නේ චීනයේ සහාය නොඅඩුව රුසියාවට ලැබෙන බවය. චීනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර, රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වනු ඇතැයි පැවැසෙයි. එම හමුවට මඟ පෑදීමක් ලෙස වැංග් ඊ සහ පුටින් අතර පැවැති හමුව සැලකිය හැකි යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන නියෝජිත වැංග් ඊ රුසියන් ජනපති හමුවෙයි