
චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවිය. ඒ, ලෝකයේ ස්ථාවරත්වය සඳහා චීනය සහ රුසියාව අතරේ ශක්තිමත් සම්බන්ධයක් තිබිය යුතු බව පෙන්වා දෙමිනි.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. චීනය දිගින් දිගටම පවසා ඇත්තේ, රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදෙන බවය. එසේ වුවත් ඇමෙරිකාව පවසන්නේ චීනයේ සහාය නොඅඩුව රුසියාවට ලැබෙන බවය. චීනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අතර, රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වෙන සමුළුවකට චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වනු ඇතැයි පැවැසෙයි. එම හමුවට මඟ පෑදීමක් ලෙස වැංග් ඊ සහ පුටින් අතර පැවැති හමුව සැලකිය හැකි යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd