
ඇමෙරිකාවේ හිටපු ජනාපධිතිවරයකු වන ජිමී කාටර් රෝහල්ගත කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 98 හැවිරිදි ජිමී කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා සිටී.
ජිමී කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ඇමෙරිකාවේ වයස්ගතම හිටපු ජනාධිපති ලෙස සැලකෙන්නේ මොහුය.
ජිමී කාටර් ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් සමුගැනීමෙන් පසු සමාජ සේවා කටයුතුවල නියැලුණේය. සමාජීය මෙන්ම ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඔහු කැපී පෙනෙන මෙහෙවරක් කළේය. 2002 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ ද එම කටයුතු වෙනුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd