බංග්ලාදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදුවීමෙන් එහි සේවකයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් 13 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
පිපිරීමෙන් පසු ගින්නක් ද හටගත්තේය. ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. පිපිරීම සිදුවූයේ ගිණිකොන දෙසින් පිහිටි චිතගොං වරාය නගරයට අයත් ‘සිටකුණ්ඩ’ බලාගාරයේය.
පිපිරීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි යැයි අනුමාන කෙරේ. කෙසේ නමුත් ඒ ගැන මෙතෙක් අනාවරණය වී නොමැත. බලාගාරය පිපිරී යද්දී, එහි කම්පනය කිලෝ මීටර් දෙකක් තරම් ඈතට දැණුනු බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd