උතුරු කෙරියාව තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම් වන බව ඇමෙරිකන් බුද්ධි අංශ පවසයි.

උතුරු කොරියාව මෙසේ න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරනු ඇත්තේ, ඔවුන්ගේ න්‍යෂ්ටික ශක්තිය වැඩිකර ගැනීමේ අරමුණින් යැයි ද ඇමෙරිකන් බුද්ධි අංශ පෙන්වා දී ඇත.

උතුරු කොරියාව මෙසේ සිය න්‍යෂ්ටික බලය වැඩිකර ගැනීම ඇමෙරිකාවට පමණක් නොව, මුළු ලේකයටම තර්ජනයක් වනු ඇතැයි ද බුද්ධි අංශ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ වනවිටත් උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික යුද ශීර්ෂ ඇත. එම යුද ශීර්ෂ ලෝකයේ ඕනෑම තැනකට විදීමට දිගු දුර බැලැස්ටික් මිසයිල ද උතුරු කොරියාව සතුව තිබේ.

(රොයිටර්)