
ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
එම බෝම්බ ප්‍රහාරය තමන් විසින් සිදු කරනු ලැබූවක් බව එරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්ත කල්ලිය ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් පැවැසීය.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නමැති නගරයේය.
නගරයේ මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ ෂියා මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් තුළය. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එවිටය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd