
යුද ගැටුම්වලදී මූලික ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් බවත්, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදවලදී කාන්තා නියෝජනය ඉතාමත් අඩු බවත්, එත්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ අධ්‍යක්ෂිකා සීමා බහවුස් පවසයි. ඇය මෙසේ පැවැසුවේ, අද (8) දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි.
‘ඕනෑම අර්බුදයකදී මුලින්ම පීඩාවට පත් වන්නේ කාන්තාවන්. දුක්ගැහැට විඳින්න සිදුවන්නේ කාන්තාවන්. ඒත් ඔවුන්ගේ හඬ යටපත් වෙලා. කාන්තා හඬ තමයි අවසානයට ඇහෙන්නේ’ යැයි පෙන්වා දුන්නාය.
එක්සත් ජාතීන්ගේ විශේෂ සැසියක් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වුණු අතර, ලොව පුරා කාන්තාවන්ගේ ජීවිත, සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වැඩි වැඩියෙන් කටයුතු කළ යුතු යැයි සීමා බහවුස් ජාතන්‍න්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් ද කළාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd