
‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම 2024 නොවැම්බරයේ ආරම්භ කරන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ආටිමිස්’ මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේ යළිත් වරක් සඳ තරණය ඉලක්ක කර ගනිමිනි.
ආටිමිස් 1’ පළමු අත්හදා බැලීමේ මෙහෙයුම පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේ සාර්ථකව සිදුවිය. එහිදී ‘ඔරායන්’ ගගන කැප්සියුලය මිනිසුන් රහිත අත්හදා බැලීමකට යොදා ගැණුනි. ‘ඔරායන්’ ගගන කැප්සියුලය, දින 25 ක කාලයකින් පසු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට පැමිණියේය.
නාසා ආයතනය ‘ඔරායන්’ කැප්සියුලය නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳ ගෙන යෑමේ අරමුණින්ය. ‘ආටිමිස් 1’ මෙහෙයුම යටතේ සඳට ගිය ‘ඔරායන්’ කැප්සියුලය ආපසු පෘථිවියට පතිත කළේ පැරෂූට් ආධාරයෙනි.
2024 නොවැම්බරයේ ඇරැඹෙන ‘ආටිමිස් 2’ ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ වනු ඇතැයි පැවැසෙයි. කෙසේ නමුත්, ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයේ නැගී සඳ වටා ගොස් ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආටිමිස් 3’ මෙහෙයුම යටතේය. ‘ආටිමිස් 3’ මෙහෙයුම සිදුවනු ඇත්තේ ‘ආටිමිස් 2’ මෙහෙයුමේ සාර්ථකත්වය අනුවය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1612
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ආටිමිස් 2’ මෙහෙයුම 2024 නොවැම්බරයේ