‘කොවිඩ් 19’ වයිරසයට සමාන, උණ හෙම්බිරිස්සා වයිරසයක් ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තද උණ, හිසරදය සහ කල්පවතින කැස්ස මෙම වයිරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හමුවීමත් සමඟ වයිරසය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කෙරුණි.
එහිදී අනාවරණය වුණු කරුණු අනුව, ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පැහැදිලි කර ඇත්තේ, රටේ ව්‍යාප්ත වෙමින් පවතින්නේ, ‘ඉන්ෆ්ලුවෙන්සා’ වයිරසයට අයත් ‘එච්3එන්2’ උප ප්‍රභේදය බවය.
සෙසු ‘ඉන්ෆ්ලුවෙන්සා’ ප්‍රභේද මෙන් නොව, ‘එච්3එන්2’ වයිරස ප්‍රභේදය දරුණු බවත්, ‘එච්3එන්2’ වයිරසය ආසාදනය වන වැඩි පිරිසකට ස්වසන ආබාධ ඇති වන බැවින් රෝහල්ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවන බවත්, ඉන්දීය වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ.
තද උණ, හිසරදය සහ කල්පවතින කැස්සට අමතරව, පාචනව, සිරුරේ වේදනාව, උගුරේ ආසාදන, වමනය, කැරකිල්ල සෙසු රෝග ලක්ෂණ බව වෛද්‍යවරු පැහැදිලි කරති.
නිතර දෑතක් පිරිසුදුව තබා ගැනීම, ඇස්, නාසය හෝ කට නිතර ස්පර්ශ කිරීමෙන් වැලකීම, ‘කොවිඩ් 19’ සමයේ මෙන් මුහුණු ආවරණ පැලඳීමට හුරුවීම වැනි නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
උණ හෙම්බිරිස්සාවක් ඉන්දියාවේ
අබිලින් Sunday, 05 March 2023 10:01 AM
ඉක්මනින් උම්මාදේවි සුව ඇමති ලෙසට පත්කර ලංකාවට ඔය ලෙඩෙත් කොහොම හරි ගේන්න සියලු දෙයින් ස්වයංපෝෂිත අපිට අඩුවට තියෙන්නෙ අලුත් ලෙඩක් තමයි