IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ඉරානයේ යළිත් විරෝධතා

ඉරාන රජයට එරෙහිව යළිත් විරෝධතා ආරම්භ වී තිබේ. ඒ, එරට පාසල් දැරියන්ට වස දීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. කිසියම් අන්තවාදීන් කණ්ඩායමක්, පාසල් දැරියන්ගේ ආහාරවලට වස කලවම් කරන බව ඉරාන රජය ද පවසා තිබේ.

පාසල් අධ්‍යඳාපනයට විරෝධය පළ කරන එම අන්තවාදීන් පාසල් දැරියන්ට මෙසේ වස දෙන්නේ,  අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමේ අරමුණින් බවත් බාලිකා පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට එම අන්තවාදීන්ට අවශ්‍ය වී ඇති බවත් ඉරාන රජය පවසා තිබේ.

වස මුසු කළ ආහාර ගැනීමෙන් රෝගී වූ දැරියන් සිය ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි. ඉරාන රජයට විරෛා්ධය දක්වමින් වීදි බැස සිටින බොහෝ දෙනා පාසල් දැරියන්ගේ මාපියන්ය. තම දැරියන්ට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ඔවුහු රජයට දොස් නගති.

ඉරානයේ මීට පෙර, මාස ගණනක්, ප්‍රධාන නගර රැසක විරෝධතා පැවැත්විණි. ඒ, ඉරාන නීතියට අනුව, නිසි අයුරින් හිජාබය පැලඳ නොසිටි කුර්දි තරුණියක පොලිස් අත්ඩඅංගුවේ සිටිද්දී, පොලිසිය කළ කෙණෙහිළිකම් හේතුවෙන් මියයෑම නිසාය.

පාසල් දැරියන්ට වසදීමේ සිද්ධිය මුල්කොට ගනිමින්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කොමේනී පවසා ඇත්තේ, එය විදේශීය කුමන්ත්‍රණයක් යැයි සැක කරන බවය. සුපුරුදු පරිදි ඉරාන උත්තරීතර නායකයා, දැරියන්ට වස දීම සම්බන්ධයෙන් ද චෝදනා කර ඇත්තේ ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයටය.

(රොයිටර්)



අදහස් (0)

ඉරානයේ යළිත් විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්






බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 573 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 869 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 219 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1271 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site