රුසියාව සහ චීනය, ලෝකයට තර්ජනයක් යැයි විදේශ ආරක්ෂක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහා බි්‍රතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියාව සහ චීනය එක්වී කටයුතු කිරීම ලෝක සාමයට තර්ජනයක් බවත්, රුසියාවේත් චීනයේත් ක්‍රියාකාරකම් හේතුවෙන් ලෝක බෙඳීමකට ලක් වී ඇති බවත් බි්‍රතාන්‍ය රජය නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

රුසියාව සහ චීනය අතරේ ඉතාමත් සමීප මිත්‍රත්වයක් පවතී. කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බව චීනය අවධාරණය කර තිබේ. රුසියාව පවසන්නේ, ලෝකයේ සාමය වෙනුවෙන් සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එල්ල වන තර්ජන හේතුවෙන් රුසියාව සහ චීනය අතරේ ශක්තිමත් සබඳතා පැවැතීම ඉතා වැදගත් බවය.

(රොයිටර්)