
සිවුදින සංචාරයක් ආරම්භ කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අද (8) ඉන්දියාට පැමිණෙනු ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ අරමුණ වෙයි.
ඉන්දියාවේ වේගවත් තාක්ෂණික වර්ධනය සහ ඩිජිටල් ආර්ථික වර්ධනය කෙරෙහි ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයාගේ වැඩි අවාධානයක් යොමු වනු ඇතැයි ද පැවැසෙයි.
ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට ගොස් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd