
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඕස්ට්‍රේලියාව
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අතර හමුවක් පැවැත්විණි. ඒ, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව අතරේ ඇති කරගත් ත්‍රෛයිපාර්ශ්වික ආරක්ෂක සන්ධානය සම්බන්ධයෙනි.
මෙම සන්ධානය යටතේ, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියා, ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව තර කිරීම සූදානම් වෙයි. ඒ සඳහා ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යය එක් වී ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලැති සබ්මැරීන ලබා දෙයි. මෙම සම්බැරීන ලබා දීමට තීරණය කෙරුණේ මීට මාස 18 කට පෙරය.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එක් වී මාධ්‍ය හමුව පැවැත්වූයේ එම සම්බැරීන ලබා දීමේ කටයුතු සිදුවන ආකාරය පෙන්වා දෙමිනි.
ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය සුනාක් සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇල්බනීස් හමුවූයේ කැලිෆෝනියාවේ සැන් දියේගෝ නුවර, ලෝමා නාවික හමුදා කඳවුරේදීය.
ආසියානු කලාපයේ ආරක්ෂාවට චීනයෙන් එල්ල වන බලපෑම් හමුවේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්වී කටයුතු කිරීම ඉතා වැදගත් බව රාජ්‍ය නායකයෝ තිදෙනා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
රිෂී සුන්ක් මෙන්ම, ඇන්තනි ඇල්බනීස් ද අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඇමරිකාව බලා පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd