’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර් ෆොර්බ්ස් සඟරාවට අනුව කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන ’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි. 03 November 2022
දකුණු කොරියාවෙන් උතුරට මිසයිල ප්‍රහාර දකුණු කොරියාවට තර්ජනයක් වෙමින්, උතුරු කොරියාව මිසයිල යැවීමත් සමඟ ඊට පිළිතුරු දීමක් ලෙස දකුණු කොරියාව උතුරු කොරියාවට තර්ජනයක් වන අයුරින් මිසයිල 3 ක් උතුරු කොරියාව දෙසට යැවීය. 02 November 2022
රුසියාව හමුදා චන්ද්‍රිකාවක් උඩ යවයි රුසියාව, ඔවුන්ගේ ’සෝයූස්’ රොකට්ටුවක ආධාරයෙන් හමුදා චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය. 02 November 2022
ඉන්දියාවත් ඇමෙරිකාවත් යුද අභ්‍යාසයකට සැරැසෙයි ඉන්දියාවත් ඇමෙරිකාවත් එක් වී, ඉන්දු චීන දේශසීමාවේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. 02 November 2022
පාකිස්තාන අගමැති චීනයේ සංචාරයක ආර්ථිකමය වශයෙන් පාකිස්තානය ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය සහාය නොකඩවා ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. 02 November 2022
බදු වැඩි කරන්න සුනාක් සැරැසෙයි බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම් බිලියන 50 ක අයවැය පරතරය පියවීම සඳහා බදු වැඩි කිරීමට සහ රජයේ වියදම් කප්පාදු කිරීමට බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සහ මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් සූදානම් වන බව එරට මාධ්‍ය පවසයි. 01 November 2022
ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය. 01 November 2022
වන්දි ඉල්ලන්න ඉම්රාන් සැරැසේ අසත්‍ය ප්‍රචාර සිදුකර මන්ත්‍රී ධුරය අහෝසි කරමින්, තමන්ගේ කීර්ති නාමයට හානි කිරීම සම්බන්ධයෙන්, පාකිස්තාන රුපියල් බිලියන 10 වන්දියක් ඉල්ලා ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් මෙසේ කියා සිටියේ ජන රැලියක් අමතමිනි. 01 November 2022
ට්විටර් විධායක ධුරය ඉලොන් මස්ක්ට ‘ට්විටර්’ සමාගමේ ප්‍රධාන විධායක ධුර තමන් බාර ගන්නා බව, එම සමාගම ඇමෙරිකන් ඩොලර් බිලියන 44 කට මිලදී ගත් ඇමෙරිකන් බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 01 November 2022
පෘථිවියට අනතුරක් කළ හැකි ග්රහකයක් අනාගතයේ දිනෙක, පෘථිවියේ හැපීමට ඉඩ ඇති යෝධ ග්රහකයක්, තමන්ට හමුවී ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනතුරු අඟවති. කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්රහකය සොයා ගැනීමට හැකි වී ඇත්තේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති තාරකා විද්‍යා දුරේක්ෂයේ ආධාරයෙනි. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘2022 ඒ.පී.7’ යනුවෙනි. 01 November 2022
බයිඩන්ට කේන්ති ගිහිල්ලා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ දුරකතන කතාබහක් අතරතුරේ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කෝපයට පත් වුණු බව එරට මාධ්‍ය අනාවරණය කළේය. 01 November 2022
ස්විට්සර්ලන්තය ලොව දිගම මගී දුම්රිය ධාවනය කරයි ස්විස් දුම්රිය සමාගමක් ඉකුත් සෙනසුරාදා ලොව දිගම මගී දුම්රිය සඳහා වූ වාර්තාවට හිමිකම් කිව්වේය.ඒ ලොව දිගම මගී දුම්රිය ඇල්ප්ස් කඳුකරය හරහා වැටී ඇති දර්ශනීය මාර්ගයක ධාවනය කරමිනි. 31 October 2022
සංගීත සැණකෙළියක තෙරපීමක්: 11ක් මරුට අතිශය ජනප්‍රිය අප්‍රිකානු සංගීත තරුවක් වන ෆැලී ඉපූපාගේ සංගිත සංදර්ශනයක් අතරතුරේ සිදුවුණු තෙරපීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2022
ඉන්දියාවේ පාලමක් කඩා වැටී මිය ගිය ගණන 130 දක්වා ඉහළට ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පිරිස 130 දක්වා වැඩි වී ඇතැයි. ටයිම්ස් ඕෆ් ඉන්දියා වෙබ්වා අඩවිය වාර්තා කරයි. 30 October 2022
බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඇරැඹේ බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය අද (30) ආරම්භ වෙයි. අවසන් වටය සඳහා ඉදිරිපත් වන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය. 30 October 2022
දකුණු අප්‍රිකා ජනපති නව සූලු රජු පිළිගනී දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාගේ අනුමැතිය සූලු රජුට හිමිවිය. සූලු ගෝත්‍රික ප්‍රජාව,නව රජු ලෙස තෝරාගෙන ඇත්තේ මිසුසූලු කවෙලෙට්තීනීය. 30 October 2022
ග්වන්තනාමෝ අවසන් පාකිස්තානුවාට නිදහස කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පිහිටි ඇමෙරිකාවට අයත් ‘ග්වන්තනාමෝ’ සිරකඳවුරේ වසර 20 ක් රඳවාගෙන සිටි අවසන් පාකිස්තාන ජාතිකයාට නිදහස හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 30 October 2022
සෝමාලියාවේ බෝම්බ පිපිරී 34 ක් මියයති අප්‍රිකාවට අයත් සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර, කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් පුද්ගලයෝ 34 ක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි. 30 October 2022
හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2022
කතා නායිකාවගේ සැමියාට පහරදීලා ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත. 29 October 2022
යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් යයි 2022 UF4 යන නමින් නම් කළ කිලෝ මීටර් මිලියන 4.5 ක විශ්කම්බයකින් යුත් යෝධ ග්රහකයක් පෘථිවිය අසලින් ගමන් කළේය. 28 October 2022
දකුණු පිලිපීනයට සුළි කුණාටුවක් ‘නල්ගේ’ සුළි කුණාටුව, දකුණු දිග පිලිපීනයට කඩා වැදුණි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇගවීමත් සමග පිලිපීනයට අයත් මින්ඩානෝ දූපතේ ලක්ෂ 3 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි. 28 October 2022
පුටින්ගේ ප්‍රකාශයට දැඩි විරෝධයක් රුසියන් යුක්රේය යුද්ධය අවුළුවන්නේ ඇමෙරිකාව ප්රමුඛ ඇමෙරිකාවට සහාය දක්වන රටවල් බවටත්, දකුණු කොරියාව යුක්රේනයට අවි ආයුද ලබා දෙන බවටත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශය දකුණු කොරියාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. 28 October 2022
දින දෙකකදී ඩ්‍රෝන ප්‍රහාර 30 ක් ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. 28 October 2022
ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය. 28 October 2022
ඉතාලියේ පිහි ප්‍රහාරයකින් අයෙක් මරුට ඉතාලියේ මිලාන් නුවර, සුපිරි වෙළෙඳ සංකීර්ණයක් අසල සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 4 කි. 28 October 2022
ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය. 28 October 2022
සහයෝගයෙන් වැඩ කරන්න ක්‍රමයක් කල්පනා කරනවා පවතින අර්බුද සාමකාමී විසදා ගැනීමට චීනයත් ඇමෙරිකාවත් ක්‍රමයක් කල්පනා කළ යුතු යැයි තෙවැනි වරටත් ජනාධිපති ධුරය හිමි චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි. 27 October 2022
සුනාක්ගේ නව කැබිනට් මණ්ඩලය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් සිය කැබිනට් මණ්ඩලය පත් කර අවසන්ය. හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් බොහෝ දෙනෙකුට ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇති අතර ලිස් ට්‍රස් ගේ කැබිනට් මණ්ඩලයේ නොසිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ලේකම් ධුර (අමාත්‍ය ධුර) හිමිවී ඇත. 27 October 2022
ඩ්‍රෝන 400 ක් යොදාගෙන පහරදීලා රුසියන් හමුදා, රුසියාවේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා 400 ක් යොදා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගයි. 27 October 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026