
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි ලෙස විවේචනය කරමින් ගී ගැයූ දීමා නෝවා නමැති රුසියන් ගායකයා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
35 හැවිරිදි දීමා නෝවා මියගොස් ඇත්තේ අයිස්වලින් මිදුණු වොල්ගා නදිය හරහා යද්දී, අයිස් තට්ටු අතරින් ගංගාවට ඇද වැටීමෙනි.
එම අවස්ථාවේ ඔහුගේ මිතුරන් තිදෙනකු සමඟ සිටියේ යැයි පැවැසෙයි.
දීමා නෝවාගේ සැබෑ නම දිමිත්‍රි ස්විර්ගනෝව්ය.
රුසියන් ජනාධිපතිගේ මිල අධික මන්දිර ගැනත්, රුසියන් යුක්රේන ආක්‍රමණයට එරෙහිවත් දීමා නෝවා ගීත ගායනා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd