IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ය.

පාසලේ දරුවන් 200 දෙනකු පමණ ඉගෙනුම ලබන බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 28 හැවිරිදි තරුණියකි. වෙඩි තැබීමෙන් මියගිය සෙසු තිදෙනා අතරේ ගුරුවරියක සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් දෙදෙනකු ද සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වෙඩි තැබීම සිදුවී මිනිත්තු 15 ක් යද්දී පොලිසිය පාසල වට කර, වෙඩි තැබීම කළ තරුණිය කොටු කර ගත් බවත්, යටත් වීමට අකමැති වුණු ඇයට පොලිසිය වෙඩි තැබූ බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තරුණිය සතුව රයිෆල් තුවක්කු දෙකක් සහ අත් තුවක්කුවක් තිබුණු බව පොලිසිය පසුව පැවැසුවේය. වෙඩි තැබීම සිදුවූයේ උදේ 10 ට පමණය. තරුණිය නෑෂ්විල් පදිංචිකාරියක බව පොලිසිය හඳුනාගෙන ඇත. ඇය වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර විමර්ශන කටයුතු දිගටම සිදුවෙයි.

(රොයිටර්)



අදහස් (9)

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්

අබිලින් Tuesday, 28 March 2023 05:10 AM

ලංකාවෙ පාසලක එක ගුරුවරියක් පීඩාවට පත්වූ දරුවෙකුගේ මවකට කතාකර ප්‍රශ්නය දුරදිග ගෙනයන්න එපා කියලා හිතෙනවා බොහෝවිට ගුරුවරු ඉගැන්වීම නොකර වෘත්තීය සමිති කාරයෝ කරන වර්ජන තර්ජන සදහා මසකට දෙතුන් වරක් අසනීප කියලා සේවය පැහර හරිනවා උසස්ම අධ්‍යාපන ආයතනවල ගුරුවරු බොහෝවිට දරුවන්ගේ අධ්‍යාපනය ගැන නොසලකා සේවය පැහැර හරිනවා මෙයින් පීඩාවට පත්වන දරුවො අනාගතය අසාර්ථක වුනොත් ලංකාවෙ වුනත් ඔහොම දේවල් කරන්න ඉදිරිපත් නොවෙයි කියලා කියන්න අමාරුයි කාටවුනත් ඉවසීමේ සීමාවක් තියෙනවා

:       1       5

චන්දන Tuesday, 28 March 2023 05:21 AM

ලෝකෙ දරුවන් ට පවා අනාරක්ෂිත ම රට ඇමරිකාව බව කාලයක් තිස්සේ පැහැදිලි යි.

:       1       6

චමින්ද Tuesday, 28 March 2023 10:37 AM

චන්දන ඔහොම කිව්වට මේ වනවිට වෙඩිතැබීම් නැතත් අනෙකුත් සිදුවීම් අනුව ලංකාවෙ වුනත් නුදුරේදීම ලංකාවෙත් ඔහොම වෙන්න පුළුවන් කියලා හිතෙනවා 2019 ට පසුව දරුවන්ට හරියට අධ්‍යාපනය නැහැ අනාගතයේ මොනවා වෙයිද කියන්න අමාරුයි

:       0       5

kamalTuesday, 28 March 2023 11:59 AM

කාව හරි අල්ලාගෙන නිදොස් කොට නිදහස් කරගන්න බැරිවෙයිද?

:       0       2

පිටිගල මිලානෝTuesday, 28 March 2023 01:31 PM

ඇමරිකාවේ ළමයෙක් පාසලකටද, වැඩිහිටියෙක් රැකියාවටද ගොස් ගෙදර එනතෙක් විශ්වාස නැත. සමූහ ඝාතන හැමතැනම සිදුවේ. මෙම සමූහ ඝාතන සිදුවු නාෂ්විල්, නිව් ඕර්ලියන්ස් පැතිවල අදුරු වැටුන පසු එලිපහලියට යෑම බොහෝ භයානකය. ඇමරිකාවේ වෙසෙන බොහෝ ලාංකිකයින්ට වෛද්‍ය පිහිට අවම බැවින් බෙහෙත් ගෙන්නාගන්නේ ලංකාවෙන්ය. ස්ටැටන් අයිලන්ඩ් ලංකා බත්කඩ වල බිබී ඔවුන් කරන්නේ රනිල් මහල්ලා අගයන එකය. දැන් ඉතිං රනිල් සහ සාටකයෝද දෙගොල්ලම එකතුවීම මේ පංඩිතයන්ට යනඑන මං නැති කර ඇත.

:       2       2

Bunny Preena Tuesday, 28 March 2023 09:11 AM

ඇමෙරිකානු සමාජය බොහොම අවිනිශ්තයි. කොයි මොහොතක කවුරු හරි තුවක්කුවක් ගෙනල්ල වෙඩි තියාගෙන වෙඩි තියාගෙන යන්ට පුලුවන්.

:       1       5

ලුම්බිණි Tuesday, 28 March 2023 10:25 AM

කණගාටුයි මිය ගිය අය ගැන.

:       0       3

රනිල් Tuesday, 28 March 2023 04:01 PM

28 නාකි වෙ,,,,, ක්‌ .. 9,1ඔයා ළමයි මැරුවේ.

:       0       0

Hafeel Tuesday, 28 March 2023 02:33 PM

මේ සිද්ධියේදී මීය ගිහින් තියන්නේ අහිංසක මිනුස්සු. මේවා අනුමත කරන්න බැහැ. හැබැයි දැන්වත් ඇමරිකානුවන් අවබෝද කලයුතුයි, ඉන්ධන තන්නාව නිසා ඔවුන්ගේ ආණ්ඩුව සහ හමුදාව ලෝකේ රටවල් කිහිපකයට බෝම්බ දාල අමු අමුවෙන් අහිංසක කුඩා දරුවන් ඇතුළු මිනුස්සු ඝාතනය කළා. ඔවුන්ව සරණාගතයන් බවට පත් කළා. එම රටවල් නැත්තටම නැති කළා. ඔවුන්ගේ අවි ආයුධ විකුනන්න කන්ධායම් ඇති කළා, බෙදා ඇති කළා. දැන් ඇමරිකානුවන්ටත් මේ ඉරණමට මුහුණ දෙන්න වෙලා. මේවාට තමයි කින්නේ, කල දේ පල දේ කියල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site