
රුසියන් යුක්රේන අර්බුදය සාමකාමී ලෙස අවසන් කිරීමට නම්, ලෝකය චීනයට කන් දිය යුතු යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස් කියයි.
"චීනය කියන්නේ ලෝකයේ ප්‍රධාන බලවතුන්ගෙන් කෙනෙක්. අප එකපාරටම චීනය කියන දේ බැහැර කළ යුතු නැහැ. අප චීනයට කන් දිය යුතුයි. චීනය මොකක්ද කියන්නේ වටහා ගත යුතුයි. මා විශ්වාස කරනවා චීනයේ සාම සැලැස්මට හැකි වේවි යුක්රේන රුසියන් අර්බුදය නිමා කරන්න" යැයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය වරයා පැහැදිලි කර ඇත.
ලබන සතියේ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය සැන්චේස්, චීනයේ නිල සංචාරයකට යෑමට සූදානම් වෙයි. ඔහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ එම නිල සංචාරය සම්බන්ධයෙන් පැහැදිලි කරමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd