ඇෆ්ගන් විදේශ කටයුතු අමත්‍යාංශය ඉදිරිපිට බෝම්බයක් පුපුරා ගියේය. ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත්තේ එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවය. ප්‍රහාරයෙන් හය දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.

කාබුල් අගනුවර පිහිටි විදේශ කටයුතු අමත්‍යාංශයට, මෙම වසරේ, මේ අයුරින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණු දෙවැනි අවස්ථාව මෙයයි. ප්‍රහාරයෙන් මියගිය 6 දෙනා සිවිල් වැසියන් බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 8 කි.

(රොයිටර්)