රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනය, රුසියාවට අවි අයුධ ලබා දීමක් සිදු කර නොමැති බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබේ.

බයිඩන් මෙම තහවුරු කිරීම කළේ, යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට පහර දීමට රුසියාවට චීනයෙන් අවි ආයුධ හිමි වුණු බවට පළ වූ වාර්තාව අසත්‍ය බව පෙන්වා දෙමිනි.

"යුක්රේන යුද්ධයේ දී රුසියාවට චීනය අවි ආයුධ දීමක් කළේ යැයි වාර්තා පළ වෙනවා. ඒත් තවමත් එවැනි දෙයක් සිදුවී නොමැති බව ඇමෙරිකන් බුද්ධි අංශ පවසනවා"  යැයි බයිඩන් ධවල මන්දිරයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්නේය.

මේ වනවිට චීනය මැදිහත් වී, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නව සාම සැලැස්මක් සකස් කර තිබේ. එම සාම සැලැස්මට රුසියාව කැමැත්ත පළ කර ඇති නමුත්, යුක්රේනය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් තහවුරු කර නැත.

(එන්.ඩී.ටීවී.)