IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ට්‍රම්ප්ට චෝදනා ගොනු කිරීම කල් යයි

හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝර්මි ඩැනියෙල් සමඟ පැවති සම්බන්ධයක් වසන් කිරීම සඳහා  2016 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර මැතිවරණ ප්‍රචාරණ මුදල් වලින් ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවනු ලැබ ඇතැයි එල්ල වී ඇති චෝදනාව  සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරනවාද නැද්ද යන්න තීරණය සතියකින් පමණ කල් ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.

ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා ඊයේ (22) නිව්යෝර්ක් අධිකරණයේ ජූරි සභාව රැස්වීමට නියමිතව තිබුනත් එම රැස්වීම හේතු නොදක්වා අවලංගු කර තිබීම හේතුවෙන් අපරාධ චෝදනා ගොනු කිරීම පිළිබඳ තීරණය මෙසේ සතියකින් කල් ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර ඇත. මෙම සතිය තුළ නැවත වරක් ජූරි සභාව රැස් නොවන බවද ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී ඇත.

ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබූ අතර තමන් පසුගිය 21 වැනිදා අත් අඩංගුවට පත් වනු ඇතැයි ප්‍රකාශ කර තිබිණ.ට්‍රම්ප් අත් අඩංගුවට පත් වීමට කැමැත්තෙන් සිටින බවත් ඔහුට එය මාධ්‍ය සන්දර්ශනයක් බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)



අදහස් (0)

ට්‍රම්ප්ට චෝදනා ගොනු කිරීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 267 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2109 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site