
තායිවානයේ හිටපු ජනාධිපති මා යිංග් ජෝ චීනයේ සංචාරයකට පැමිණියේය. චීනය සහ තායිවානය අතරේ විරසකයයක් පවතී. චීනය තවමත් සලකන්නේ තායිවානය එරට කොටසක් ලෙසය. තායිවානය චීනයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසුවය.
ඉන්පසු තායිවාන නායකයකු හෝ හිටපු නායකයකු හෝ චීනයේ සංචාරයකට පැමිණ නැත. ඒ අනුව, තායිවානයේ හිටපු ජනාධිපති ජනාධිපති මා යිංග්ගේ මෙම චීන සංචාරය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් යැයි දේශපාලන විහ්ලේෂකයෝ පෙන්වා දෙති.
ෂැංගායි නුවර පූඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී චීන බලධාරීන්ගෙන් ඔහුට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. මා යිංග්ගේ තායිවාන ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2016 තෙක් කාලයේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd