IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජගත් අපරාධ අධිකරණයට රුසියාවෙන් තර්ජන

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්, රුසියාවෙන් තමන්ට විවිධාකාරයේ ‘තර්ජන’ එල්ල වෙමින් පවතින බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටා ඇත්තේ නෙදර්ලනත්යේ හේග් නුවරය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, හිටපු රුසියන් ජනාධිපතිවරයකු මෙන්ම දැඩි පුටින් හිතවාදියකු ද වන දිමිත්‍රි මෙඞ්වදේව් ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තර්ජනය කර තිබේ.

ඒ, හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට පවා පසුබට නොවන බව පවසමිනි. වන දිමිත්‍රි මෙඞ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින්ට වරෙන්තු නිකුත් කළේ යුක්රේනය ආක්‍රමණය කරමින් රුසියාව යුද අපරාධ සිදු කරනවා යැයි චෝදනා නගමිනි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය පමණක් නොව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ද සෘජුව පවසා ඇත්තේ රුසියන් ජනාධිපති පුටින් යුද අපරාධකරුවකු කියාය.

(රොයිටර්)



අදහස් (0)

ජගත් අපරාධ අධිකරණයට රුසියාවෙන් තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 265 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2108 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1609 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site