2024 ජනපතිවරණයට ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. 16 November 2022
පාකිස්තාන අගමැතිට තෙවැනි වරටත් ’කොවිඩ්’ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට තෙවැනි වරටත් ’කොවිඩ් 19’ ආසාදනය වී ඇතැයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 16 November 2022
පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයට එල්ල වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව පෝලන්ත මාධ්‍ය වාර්තා කළේය. මිසයිලය දියත් කළ ස්ථානය සහ පෝලන්තයට මිසයිලය එල්ල වූ හේතුව තවමත් පැහැදිලි නැතැයි පෝලන්ත මාධ්‍ය පෙන්වා දුන්නේය. 16 November 2022
ලෝක ජනගහනය බිලියන 8 පසු කරයි ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කළේය. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. 15 November 2022
මෝදි සුනාක් හමුවක් ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව අතරතුරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ හමුවක් පැවැත්විණි. 15 November 2022
ෂී ජින්පින් - බයිඩන්ට මූණටම කියයි ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. 15 November 2022
කතා කරලා යුක්රේන අර්බුදය විසඳා ගන්න ඕනෑ සටන් විරාමයකට යමින්, සාකච්ඡා පවත්වා, රුසියන් යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීමට සියලු පාර්ශ්වයන් උත්සහ ගත යුතු යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මෝදි මෙසේ අවධාරණය කළේ ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වෙමිනි. 15 November 2022
කාම්බෝජ අගමැතිට ‘කොවිඞ්’ කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. පසුගිය සති අන්තයේ ඇමෙරිකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ආසියාන්’ සමුළුව පැවැත් වූයේ කාම්බෝජයේය. ඒ, අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ ප්‍රධානත්වයෙනි. 15 November 2022
ඉස්තාන්බුල් නුවර බෝම්බ පිපිරුමක් තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් එරට මාධ්‍ය පවසයි. 14 November 2022
‘ජී20’ සමුළුව හෙට ලෝක ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව ඉන්දුනීසියාවේ බාලි හි ආරම්භ වෙයි. ‘ජී20’ කණ්ඩායම ලෙස සැලකෙන්නේ ලොව ආර්ථික බලවත් රටවල් 19 ක් සහ යුරෝපා සංගමයයි. 14 November 2022
ඉරාන ජාතිකයා ගුවන්තොටේදී මියයයි ප්‍රංශයේ පැරිස් අගනුවර, චාර්ල්ස් ඩි ගෝල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වසර 18 ක් රැදී සිටිමින් ප්‍රසිද්ධියට පත් වූ ඉරාන ජාතික මෙහෙරාන් නසේරි හෘදයාබාධයකින් මියගියේය. 13 November 2022
326 දෙනෙකු ආරක්ෂක අංශ අතින් මැරිලා ඉරාන රජයට විරෝධය පළ කරමින්, පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට යෑමේදී අවම වශයෙන් පුද්ගලයන් 326 දෙනෙකු ඉරාන ආරක්ෂක අංශ අතින් ඝාතනය වී ඇතැයි විදේශ රටවල පිහිටුවා ඇති ඉරාන මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කියයි. 13 November 2022
නගරයක් යූරෝ 227,000 කට විකිණිලා වසර 30 කින් කිසිවකු පදිංචි නොවූ ගම්මානයක් යුරෝ 227,000 කට විකිණී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 13 November 2022
බයිඩන්ට වැරදිලා: කොලොම්බියාවට ස්තුති කරලා ’අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍ය නායක සමුළුව’ හෙවත් ආසියානු සමුළුව සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩනව්ට වැරදීමක් සිදුවිය. 13 November 2022
සුළි කුණාටුයෙන් නාසා රොකට්ටුවට හානි සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව ’නිකෝල්’ සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ. 12 November 2022
එලිසබත් රැජිනගේ පිලිරුවක් නිරාවරණය කෙරේ අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරුණි. 12 November 2022
බෙල්ජියමේ පිහි ප්‍රහාරයක් බෙල්ජියාමේ බ්‍රසල්ස් නුවර සිදුවුණු පිහි ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණු බවත් තිදෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. 12 November 2022
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතරු ටොංගා දූපතට ඔබ්බෙන් මූදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය. 12 November 2022
කෙර්සොන් නගරය යළි අපේ අතේ රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 November 2022
මාලදිවයිනේ ගරාජයක ගින්නක්: 10 ක් මරුට මාලදිවයිනේ මාලේ අගනුවර වාහන අලුත් වැඩියා කරන ගරාජයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් එම 10 දෙනාගෙන් 9 දෙනකු ඉන්දියානු ජාතිකයන් බවත් පැවැසෙයි. 11 November 2022
චීන ජනපති හමුවෙන්න බයිඩන් සූදානම් ‘ජී20’ සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවී දෙරට අතර පවතින අර්බුද අවසන් කර කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට තමන් සුදානමින් සිටින බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 11 November 2022
ඇෆ්ගන් කතුන්ට තවත් තහංචියක් විනෝද ක්‍රීඩා උද්‍යානවලට සහ ශරීර සුවතා මධ්‍යස්ථානවලට ඇතුළු වීම ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කර කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන ඇත. 11 November 2022
ලෝක ජනගහනය බිලියන 8 පසු කරනවා එලැඹෙන නොවැම්බර් 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 පසු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. 11 November 2022
යුක්රේනයට තවත් මිලියන 400 ක ආධාර ඇමෙරිකාව, යුක්රේනයට තවත් මිලියන 400 ක යුද ආධාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ. ආධාර ලෙස ලබා දීම සිදුවන්නේ එරට හමුදා ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීමට අවශ්‍ය උපාංග සහ මිසයිල නාශක පද්ධතියකි. 11 November 2022
සෙබළු ලක්ෂ ගණනක් තුවාල ලබලා: මියගිහින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා රුසියානු සෙබළුන් ලක්ෂයකට වැඩි පිරිසක් තුවාල ලබා සහ මියගොස් ඇතැයි ඇමෙරිකානු හමුදා ජනරාල් මාර්ක් මිලේ පවසයි. 10 November 2022
කර්සොන් නගරයෙන් රුසියන් හමුදා ඉවතට යුක්රේනයේ කර්සෝන් නගරයෙන් පසුබසින්නැයි රුසියන් හමුදාවට එරට ආරක්ෂක අමත්‍යාංශයෙන් උපදෙස් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 10 November 2022
ජනපතිවරණයට තරග කරනවාද දැන්ම කියන්න බෑ 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවැනි ධුරය වෙනුවෙන් තරග කරනවාද නැද්ද යන්න දැන්ම පැවැසිය නොහැකි බවත් ලබන 2023 වසර ආරම්භයේ ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන බවත් වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. 10 November 2022
‘ජී20’ සමුළුවට පුටින් නෑ - රුසියාව ‘ජී20’ සමුළුවට ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවනු ඇතැයි රුසියාව නිල වශයෙන් නිවේදනය කළේය. 10 November 2022
ඇමෙරිකාවේ මාරක බැක්ටීරියා වසංගතයක් ඇමෙරිකාවෙන් ‘ලිස්ටීරියා’ බැක්ටීරියා වසංගතයක් වාර්තා වේ. මේ වනවිට ඇමෙරිකාවේ ජනපද 6 කින් ආසාදිතයන් 13 දෙනකු වාර්තා වී ඇති බවත් එක් අයකු මියගිය බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති. 10 November 2022
රුසියාවෙන් දිගටම තෙල් මිලදී ගන්නවා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල් මිලදී ගන්නා බව ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් එස්. ජයිශංකර් පවසයි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රුසියාවේ මොස්කව් අගනුවර සංචාරයකට එක්වෙමිනි. 09 November 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026