
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පෝලන්තයට පැමිණියේය. ‘නේටෝ’ සාමාජිකයකු ද වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියෙකි.
රුසියන් ප්‍රහාර හමුවේ, එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්රේනය හමුදාවට ප්‍රහාරක ජෙට් යානා අවශ්‍ය වී තිබේ.
නේටෝ සාමාජික යුරෝපා රටවල් කීපයක් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර, එම කටයුතු සිදුවන්නේ පෝලන්තය හරහාය. ඇමෙරිකාව ද එෆ්.16 වර්ගයේ ප්‍රහාරක යානා යුක්රේනයට ලබා දීමට සූදානමින් සිටී.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෝලන්තයේ වෝෂෝ අගනුවරට ගියේ ප්‍රහාරක යානා ලබාදීම සිදුවන්නේ කෙසේදැයි සොයා බැලීමටය. රුසියන් ආක්‍රමණය හමුවේ යුක්රේනයට අවශ්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා පෝලන්ත රජයට ස්තුතිය පළ කළේය.
මේ අතර වෝෂෝ අගනුවරට පැමිණි යුක්රේන ජනාධිපතිවරයාට පෝලන්ත වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වෙනුවෙන් හමුදා උත්තමාචාර ද පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd