
දකුණු දිග චීනයේ 56 හැවිරිදි කාන්තාවක එච්3.එන්.8 කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව, එච්3.එන්.8 කුරුලු උණ ආසානය වී මියගිය පළමු පුද්ගලයා ලෙස මෙම කාන්තාව සැලකිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කුරුල්ලන් අතරේ බහුලව පැතිරෙන වයිරසයක් ලෙස එච්3.එන්.8 සැලකෙයි. කුරුල්ලන්ගෙන් මෙය මිනිසුන්ට ආසාදනය වී ඇති නමුත් මරණයක් වාර්තා වුණු පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේත් මැයි මාසයේත් චීනයෙන් එච්3.එන්.8 ආසාදිතයන් හමුවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd