IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අවුරුදු 11 දරුවන් රැකියාවට අරන්

ඔස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආපන ශාලාවක් අවුරුදු 11 වයසැති දරුවන් සේවයට බඳවා ගෙන ඇතැයි පළවූ වාර්තා හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ එම ආපන ශාලාවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

එම ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට පිඟන් සේදීමට, ජෑම් සෑදීමට, අච්චාරු සෑදීමට සහ පාරිභෝගිකයන්ට ආහාර පිළිගැන්වීමට අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා මුදල් ගෙවා ඇත. අන්තර්ජාලය තුළ දැඩි විවේචන එල්ල වූවත් ආපන ශාලාව අවුරුදු 11 වයසැති ළමුන්ට රැකියා අවස්ථාවක් ලබා දීම වරදක් නොවන බව පවසන පිරිස්ද සිටින බව පැවැසෙයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ රැකියාවක නියුතු වීම සඳහා අවම වයසක් නොමැති වුවත් රජය අවම වයස ලෙස අවුරුදු 15 ත් සැහැල්ලු වැඩ සඳහා අවුරුදු 13 ත් නිර්දේශ කිරීමට ෆෙඩරල් රජය අදහස් කරමින් සිටින බව වාර්තා වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා අවම වැටුප ඔස්ටේ්‍රලියාවේ අවම වැටුපෙන් සියයට 36.8 කි.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (0)

අවුරුදු 11 දරුවන් රැකියාවට අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23529 22

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18120 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10852 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 558 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 170 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site