
බටහිර පාකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ක්වන්දාරී බසාර් පළාතේය. මියගිය සිවු දෙනාගෙන් දෙදනකු පොලිස් නිලධාරීන් බවත් අනෙක් දෙදෙනා සිවිලු වැසියන් බවත් පැවැසෙයි.
සිවිල් වැසියන් දෙදෙනාගෙන් එක් අයකු ගැහැනු දරුවකු බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.
ප්‍රහාරයේ වගකීම බලුකිස්තාන් බෙදුම්වාදී විමුක්ති සටන්කාමීන් විසින් බාර ගනු ලැබ තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd