
චීනයේ දැඩි විරෝධය මැද තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ඇමෙරිකන් කතානායක කෙවින් මැකාති හමුවිය.
තායිවාන ජනාධිපතිනී සායි ඉංග් වෙන්ග් ලතින් ඇමෙරිකා රටවල සංචාරයක නියැලුණාය. ඇය ආපසු තායිවානයට යෑමට ඇමෙරිකාවේ කැලිෆෝනියාවට පැමිණි අවස්ථාවේදී, කතානායක කෙවින් මැකාති හමුවුණු බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.
ඇමෙරිකාවේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයන් පිරිසක් ද තායිවාන ජනාධිපතිනිය හමුවීමට පැමිණ සිටි බව ද පැවැසෙයි.
චීනය තවමත් සලකන්නේ දූපත් රාජ්‍යයක් වන තායිවානය තමන්ට අයත් එකක් බවය. ඇමෙරිකාව සමඟ තායිවාන ජනාධිපති සබඳතා පැවැත්වීම චීනය විරෝධය දක්වන්නේ එබැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd