IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පුටින්ට හරි වැරදි වටහා දෙන්න චීනයට පුළුවන්

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ‘හරි වැරදි’ පහදා දීමට චීනයට සමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමෙන් පසු ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්, චීනයේ බෙයිජීං අගනුවර බලා ගියේ ද ප්‍රධාන වශයෙන්, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් චින ජනාධිපති ජින්පින් සමඟ සාකච්ඡා කිරීමටය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් චීනයට ගියේ 50 දෙනකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් ද පිරිවරාගෙනය. ප්‍රංශයේ ප්‍රබල ව්‍යාපාරිකයෝ ඊට ඇතුළත් වූහ. ඒ අනුව, ප්‍රංශය සහ චීනය අතරේ සබඳතා තවත් වර්ධනය කර ගැනීම හැකියාව ලැබුණු බව වාර්තා වේ.

සාකච්ඡා වට කීපයකින් පසු, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ චීන ජනාධිපති ජින්පින් මාධ්‍ය හමුවේ පෙනී සිටියහ. ‘මට විශ්වාසයි ඔබට හැකිවේවි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට කරුණු පැහැදිලි කරන්න. මුළු ලෝකයටම බලපෑමක් කළ මේ යුද්ධය නවත්යන්න’ යැයි ප්‍රංශ ජනාපධිති පැවැසුවේ චීන ජනාධිපති දෙස බලමිනි.

තමන් රුසියන් යුක්රේන සාමය වෙනුවෙන් කැප වී, මැදිහත් වෙනවා යැයි චීන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවැසුවේය.

චීනය මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට සාම සැලැස්මක් සකස් කර තිබේ. එම සාම සැලැස්ම ආරම්භ වනු ඇත්තේ සටන් විරාමයකිනි.

සාම සැලැස්මට රුසියාවේ, කැමැත්ත හිමිවී ඇති නමුත්, යුක්රේනයේ කැමැත්ත මෙතෙක් හිමිවී නැත. මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පසුගිය දා අසල්වැසි පෝලන්තයේ සංචාරය කළේය.

‘නේටෝ’ සාමාජිකයකු ද වන පෝලන්තය, යුක්රේනයේ අසල්වැසියෙකි. පෝලන්තයට ගිය සෙලෙන්ස්කීට එරට ඉහළම ගෞරව සම්මානය පිරිනැමීමට පෝලන්ත ජනාධිපතිවරයා කටයුතු කළේය. සෙලෙන්ස්කී පෝලන්තයට ගියේ රුසියන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හමුදා ප්‍රහාරක යානා ඉල්ලීමටය.

(රොයිටර්)



අදහස් (0)

පුටින්ට හරි වැරදි වටහා දෙන්න චීනයට පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 252 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site