
ඉන්දියාවේ උතුරුදිග සික්කිම් පළාතේ සිදුවුණු හිම කඳු නායයෑමකින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ සංචාරකයෝ බොහෝ දෙනෙක් වෙති.
නායයෑමට හසුවීමෙන් සිරවුණු ගණන 30 ක් යැයි ද පැවැසෙයි. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කර ඇතැයි ඉන්දීය හමුදාව පවසයි. දිවි ගලවා ගැනීමේ කටයුතු සිදුවන්නේ ඉන්දීය හමුදාවේ මැදිහත් වීමෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd