
මියන්මාර හමුදා ජුන්ටාව, එරට සැගෙයිං පළාතේ සිදු කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියෝ 50 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය එම පිරිස අතරේ කාන්තාවන් මෙන්ම කුඩා දරුවෝ ද වෙති. ප්‍රහාරය එල්ල වූයේ කුඩා ගම්මානයකටය.
තමන් පා සී ජී නමැති එම ගම්මානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ යැයි මියන්මාර හමුදාව ද පිළිගෙන තිබේ. මියන්මාර හමුදාව පවසන ආකාරයට ඔවුන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ, හමුදා පාලනයට විරෝධය දක්වන, කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමිනි.
ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයයෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව, මියන්මාර හමුදා පාලකයන්ට සිය අප්‍රසාදය පළ කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd