යුක්රේනයේ වෘත්තීය පුහුණු පාසලකට රුසියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානාවකින් මිසයිල ප්‍රහාරයක් එල්ල විය.

එම මිසයිල ප්‍රහාරයෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් හත් දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.

මෙම පුහුණු පාසල පිහිටා ඇත්තේ කීව් අගනුවරින් කිලෝ මීටර් 80 ක් දුරින් යැයි යුක්රේන රජය පැහැදිලි කර තිබේ. ඩ්‍රෝන ප්‍රහාරයෙන් පුහුණු පාසල් ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇත.

(රොයිටර්)