IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


සංචාරක වීසා අරන් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න අවස්ථාවක්

ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාව තිබෙන බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත.

නමුත් රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් නව භූමිකාව ආරම්භ කිරීමට පෙර වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.

සංක්‍රමණික නොවන සේවකයන් රැකියාවෙන් ඉවත් කළ විට දින 60 ක් ඇතුළත ඇමෙරිකාවේ පිටව යෑම හැර වෙනත් විකල්පයක් නැතැයි බොහෝ දෙනා වැරදි වැටහීමක් සිටියත් එය එසේ නොවන බව ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.

සංක්‍රමණික නොවන සේවකයෙකු ස්වකැමැත්තෙන් හෝ රැකියාව කරනු ලබන සමාගමෙන් රැකියාවෙන් ඉවත් කරනු ලැබුවහොත් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට අවස්ථාවක් තිබෙන බව ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.

සංක්‍රමණ නොවන තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, වීසා තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, විශේෂ අවස්ථාවක් යටතේ රැකියාවක නියුතු  වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කිරීමට සහ සේවායෝජකයා වෙනස් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනු කිරීමට සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සුදුසුකම් සපුරන සේවකයන්ට අවස්ථාවක් තිබෙන බව පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.

සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සේවකයන් ඔවුන්ට ලැබෙන දින 60 ක සමා කාලය තුළ ඉහත ක්‍රියා මාර්ග හතරෙන් එකක් ගනු ලැබුවහොත් ඔවුනට දින 60 කට වැඩ වැඩි කාලයක් එක්සත් ජනපදයේ රැඳී සිටීමට හැකියාව ලැබෙන බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබේ.

සංක්‍රමණික නොවන සේවකයන් ඉහත ක්‍රියාමාර්ග හතරෙන් එකක් වත් ගනු නොලැබුවහොත් දින 60 ක සමා කාලය තුළ එම සේවකයන් සහ යැපෙන්නන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටව යා යුතු බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

සංචාරක වීසා අරන් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19856 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18085 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10829 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 508 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 153 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 820 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site