
දින ගණනක් තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියානු ගම්මානයක් නායයෑමට හසුවිය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගම්මානයේ සිටි 50 දෙනකු පස් තට්ටු අතරේ සැඟවුණු බවය. එම 50 දෙනා අතරේ කුඩා දරුවන් ද බොහෝ දෙනකු සිටින බව පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ වුණු අතර, ඊයේ (6) සවස් වනවිට 15 දෙනකුගේ මළසිරුරු සොයා ගැනීමට ද හැකිවිය.
ඉන්දුනීසියාව යනු දූපත් රාජ්‍යයකි. නායයෑම හටගත්තේ, ඉන්දුනීසියාවට අයත් සෙරාසාන් දූපතේ නටූනා පළාතේය. නටූනා පළාත පිහිටා ඇත්තේ දකුණු චීන මුහුදට යාබදවය.
මහ වැසි ඇද හැලෙන්න වූයේ සැඬ සුළං ද සමඟය. මහ වැස්සෙන් පමණක් නොව, සැඬ සුළඟින් ද ගම්මාන රැසකට හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd